23.6 C
Galle

ලුණු අස්සේ සඟවා ගෙනගිය කහ තොගයක් අල්ලයි

Published:

ලුණු පැකට් තොගයක් තුල සගවා ප්‍රවාහනය කරමින් තිබු රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා කහ තොගයක්  ලොරි රථ දෙකක් සමඟ අද  ( 17 ) අලුයම අත්අඩංගුවට ගත්බව ආණමඩුව පොලිසිය පවසයි.

පුත්තලමේ සිට නිකවැරටිය හා ගම්පොළ ප්‍රද්ශලට ලුණු ගෙන යන බව පවසමින් ධාවනය කළ රථ දෙකක තිබී කහ ඇසුරූ මළු 19ක් සොයාගෙන ඇත.  

මේ පිළිබඳ ලැබුණු තොරතුරකට අනුව ලොරි දෙක ‍අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙනවිත් පරික්ෂා කිරිමේදී කහ තොගය හමුවී ඇත. පොලිසිය පවසන්නේ එක් ලොරියක කහ උර 13ක් ද අනෙක් ලොරියේ උර 09ක් ද සඟවා තිබී ඇත. ලොරි රථ දෙක සමඟ සැකකරුවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන අති අතර ඔවුන් පුත්තලම හා ගම්පොළ පදිංචි කරුවන් බව කියයි.

ආණමඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රසන්න කුමාරගේ උපදෙස් මත උප පොලිස් පරික්ෂක ඒ.ආර්.රංජිත් කුමාර සමඟ පොලිස් කොස්තාපල් 74429 වික්‍රමසුරිය හා සිවිල් ආරක්ෂක 26029 දිසානායක යන කණ්ඩායම විසින් මෙම වැටලීම සිදුකර තිබිණි.

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

Related articles

Recent articles

error: Content is protected !!