23.6 C
Galle

ජනපති බාලදක්ෂයන් සමඟ පැළයක් සිටුවයි

Published:

පැළ ලක්ෂයක් සිදුවීමේ ජාතික බාලදක්ෂ වැඩසහන අද (22) උදෑසන ජනාධිපති ගෝඨාභය රජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ආරම්භ කෙරිණි.

බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවල් සාමිවරයාගේ 164 වැනි ජන්ම දිනය වෙනුවෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි. ජනාධිපතිවරයා රත් හඳුන් පැළයක් රෝපණය කිරීමෙන් පසු ජංගම දුරකථනයෙන් එම පැළය ලියාපදිංචි කිරීමට ද කටයුතු කළේය.

රටපුරා සිටින බාලදක්ෂයන් 70,000ක් විසින් එක් අයකු පැළ දෙක බැගින් තම ගෙවත්තේ සිටුවා රැකබලා ගැනීමට නියමිත අතර ‘තුරු’ නම් ජංගම දුරකථන යෙදුම මගින් මෙම වැඩසටහන ඇගයීම සිදුකරයි.

Related articles

Recent articles

error: Content is protected !!