23.6 C
Galle

සාමාන්‍ය පෙළ හා උසස් පෙළ මාරුකිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ?

Published:

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේ පැවැත්වීමට හා උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නව යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ පැවැති සාකච්ඡාක දී ය. එමගින් දරුවන්ගේ අධ්‍යාපනයට ගතවන කාලය මාස 09කින් අඩුකර ගැනීමට හැකිවනු ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි.  

ලේකම්වරයා වැඩිදුරටත් කියා ඇත්තේ එම යෝජනාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

Related articles

Recent articles

error: Content is protected !!