23.6 C
Galle

මාස 09ක් වයසැති බිළිදාට පහරදුන් මව අත්අඩංගුවටට

Published:

සිය බිළිඳාට අමානුෂික ලෙස පහරදුන් 24 හැවිරිදි මව යාපනය අරියාලේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශයක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි. මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ජාල ඔස්ස‍ේ වේගයෙන් සංසරණය වෙමින් තිබිණි.

මෙම කාන්තාව කලකට ඉහත කුවේට් රාජ්‍යයේ සේවය සඳහා ගොස් සිට මාස කිහිපයකට පෙර මේ දරුවා ද සමඟ ආපසු පැමිණ ඇතැයි අනාවරණය වී තිබේ. දරුවාගේ වයස මාස 09 ක් බවඳ අනාවරණය වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ කුඩා දරුවන් හිසනයට පත්කිරීමේ සිදුවීම සහ දෙමාපියන් විසින් ම දරුවන් හිංසාවට ලක්කිරීම බහුලව වාර්තාවීමේ ප්‍රවණතාවක් ඇති බැවින් ‍ඒ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙස සියලුම පොලිස් ස්ථානයන්හි ළමා හා කාන්තා කාර්යාංශයන් දැනුම්වත් කර ඇති බවයි.

මෙම බිළිඳා පොලිස් භාරයේ පසුවන අතර මව අධිකරණයට ඉදිරිපත් කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

(එම වීඉියෝව පහතින්)

Related articles

Recent articles

error: Content is protected !!