25.8 C
Galle

පස්සර අනතුරේ ටිපර් රියදුරා අත්අඩංගුවට ගනී

Published:

පස්සර දී බස් රථයක් පෙරැළී යන අවස්ථාවේ එම මාර්ගයේ බසය ඉදිරියට පැමිණෙමින් තිබූ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ අත්අඩංගුවට ගත් එම රියදුරා 45 හැවිරිදි අයකු බවයි. කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ අනතුරට පත් බස් රථය ඉදිරියට පැමිණෙමින් තිබූ ටිපර් රථයට මාර්ගයේ ඉඩ ලබාදීමට යාමේ දී ඉවතට ලිස්සා ගොස් අඩි 250ක් පමණ වූ ප්‍රපාතයට පෙරැළී ඇතැයි පොලිසිය පවසයි.

මෙම අනතුරින් පුද්ගයන් 14 දෙනකු මියගිය අතර 32ක් තුවාල ලබා ඇත. කිහිප දෙ‍නකුගේ තත්ත්වය බරපතල බව ද රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

Related articles

Recent articles

error: Content is protected !!