27.3 C
Galle

පාසලට ගිය මවගේ ත්‍රී රෝද රිය වන අලියා පොඩි කර දමයි

Published:

පොළොන්නරුවේ ඇළහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අත්තනකඩවල පොකුණුගල ප්‍රදේශයේ දී වන අලියකු විසින් ත්‍රී රෝද රථයකට පහර දී බරපතල හානි සිදුකර ඇතැයි පොලිසිය පවසයි.

තම දරුවා ඉගෙනුම ලබන පාසලේ පන්තිකාමරය උදෑසන පිරිසිදුකිරීම භාරව සිටි මවක් අද (30) උදෑසන 6.30ට පමණ ත්‍රී‍ රෝද රථය පදවාගෙන පාසලට යාමට පිටත්වූ අවස්ථාවේ දී ඇගේ නිවස ආසන්නයේ දීම මෙම වන අලි ප්‍රහාරයට ලක්වී ඇත. වන අලියා පහරදීමට පැමිණීමත් සමඟ ඇය ත්‍රී රෝද රථය අතහැර දිව ගොස් තිබේ.

පාසලට ගොස් පන්තිකාමර පිරිසිදු කර යළි පැමිණ තම දරුවා රැගෙන යාමට සිතා සිටි බැවින් තමන් තනියම ත්‍රී රෝද රථයේ ගමන් කළ බව මෙම මව පොලිසියට පවසා තිබේ.

මෙම ප්‍රදේශයේ දිගින් දිගටම අලි මිනිස් ගැටුම් සිදුවන අතර පාසල් යන දරුවන් ද දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්ව සිටියි. ගම්වැසියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අලි මිනිස් ගැටුමට සාර්ථක විසඳුමක් ලබා දී තම ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙසයි.

(රුමේෂ මධුශංක)

Related articles

Recent articles

error: Content is protected !!