30 C
Galle

ලෝක විවාහක රූ රැජින සහ නිරූපිකාව අත්අඩංගුවට ගනී

Published:

ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි සහ ප්‍රසිද්ධ නිරූපිකාවක වන චූලා පද්මේන්ද්‍ර  යන දෙදෙනා අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය පවයි.

ඔවුන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය දා නෙළුම් පොකුණ රඟහළේ දී පැවැති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරඟයෙන් ජයගත් පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ගලවා වෙනත් අයකුට පැළඳවීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

මෙම සිද්ධිය පිළිබඳ පුෂ්පිකා ද සිල්වා විසින් කුරුඳුවත්ත පොලිසයිට කරන පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර දෙදෙනාට අද (08) කුරුඳුවත්ත පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබිණි. ඒ අනුව ඔවුන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසුව අත්අංගුවට ගෙන තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!