29.4 C
Galle

‍පොල්ගස් කැපීම තහනම් කරයි

Published:

පොල්ගස් කැපීම තහනම් කිරීමේ ගැසට් නිවේදනයක් ඉදිරි සතියේ දී නිකුත් කරන බව වැවිළි අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ පොල් ඵලදාව ප්‍රමාණවත් නොවීම හා ‍පොල්වලට ඇති ඉල්ලුම සැළකිල්ලට ගනිමින් මෙවැනි තීරණයක් ගැනීමට සිදුව ඇති බවයි.

එසේ වුව ද විශේෂ අවශ්‍යතාවක් මත පොල්ගසක් ඉවත්කිරීමට අවශ්‍යනම් ඒ සඳහා පූර්ව අනුමැතියක් ගැනීමෙන් අනතුරුව එය ඉවත්කිරීමට අවසර ලබා දෙන බවත් ලේකම්වරයා පවසයි.

Related articles

spot_img
error: Content is protected !!