33.3 C
Galle

අවුරුදු දා ගමන් ගිහින් 10 දෙනෙකුට දිවි අහිමිවෙයි

Published:

අලුත් අවුරුදු දිනය වූ ඊයේ (14) සිදු වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 10 දෙනකු මිය ගොස් ඇති අතර ඊට පෙර රිය අනතුරුවලට ලක්වූ පුද්ගලයන් 04 දෙනකු ද සමඟ ඊයේ දිනයේ දී රිය අනතුරු හේතුවෙන් මියගිය පුද්ලයන් සංඛ්‍යාව 14කි.

ඊයේ දිනයේ දී අධිවේගී මාර්ගයේ දී අනතුරු 12ක් සිදුව තිබූ අතර වෙනත් මාර්ගවල දී රිය අනතුරු 109ක් වාර්තා වී තිබිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ එම අනතුරු හේතුවෙන් 74 දෙනකු තුවාල ලබා සිටින බවයි. පොලිස් සංඛ්‍යාලේඛන අනුව අනතුරු අතරින් වැඩිම ප්‍රමාණයක් යතුරුපැදි අනතුරුවන අතර එය 53කි. අනතුරට ලක්වූ ත්‍රී රෝද රථ සංඛ්‍යාව 30කි. .

පසුගිය පැය 24ක කාලය තුළ බීමත් රියදුරන් 758 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!