33.3 C
Galle

රන්දෙණිගල දී පැහැරගත් රථය කිලිනොච්චියෙන් හමුවෙයි

Published:

රන්දෙණිගල ප්‍රදේශයේ දී ඊයේ (14) පැහැරගත් කාරයක් කිලිනොච්චිය පලෙයි ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක දමා ගොස් තිබිය දී සොයාගත් බව පොලිසිය පවසයි.

ප්‍රවාහන පහසුකම් අවශ්‍ය බව පවසා මෝටර් රථය ගෙන්වාගෙන කොළඹ සිට රන්දෙණිගලට ගොස් එම  රථයේ රියදුරාට පහර දී පැහැරගෙන ගොස් ඇත. පැහැරගැනීම සිදුව ඇත්තේ රන්දෙණිගල ප්‍රදේශයේ දී ය. අද (15) උදෑසන මෙම රථය සොයාගෙන ඇත්තේ කිලිනොච්චිය, පලෙයි, අයියකච්චි ප්‍රදේශයෙනි.

කොළඹ පදිංචි ව්‍යාපාරිකයකුට අයත් මෙම රථය කුලී පදනම මත රැගෙන ඇත්තේ 25 හැවිරිදි තරුණයන් දෙදෙනකු විසින් බව මේ වනවිට අනාවරණය වී තිබේ. ඔවුන් සොයා පොලිසිය මෙහෙයුම් දියත් කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!