34.4 C
Galle

නීති විරෝධී මත්පැන් බිව් දෙදෙනෙකුට දිවි අහිමිවෙයි

Published:

නීති විරෝධී මත්පැන් වර්ගයක් පානය කරමින් පැවැත්වූ සාදයක දී රෝගී වී රෝහල්ගත කළ පුද්ගලන් 03 දෙනකු අතරින් 02කු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගලෙන්බිඳුණු වැව පඬුකාරමඩුව පදිංචිකරුවන් දෙදෙනෙකි. මත්පැන් පානයකරන අතරතු හදිසියේම රෝගීවූ මෙම තිදෙනා යකල්ල රෝහලට ඇතුළත් කර තිබිණි. ඉන් දෙදෙනකු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර අනෙක් පුද්ලයා අනුරාධපුර රෝහලට මාරුකර යවා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

Recent articles

error: Content is protected !!