29 C
Galle

ගාල්ලේ දී දුම්රියක් පීලි පනී. මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Published:

ගාල්ලේ දී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.

බෙලිඅත්තේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් මෙලෙස ගාල්ල දුම්රිය ස්ථානය අසළ දී පිලි පැන තිබේ. පිලී පැනීමට ලක්වූ දුම්රිය යලි පීලිගත කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර එම දුම්රියේ පැමිණි මගීන් කොළඹ සිට බෙලිඅත්ත දක්වා යාමට ගාල්ල දුම්රිය ස්ථානයට පැමිණි වෙනත් දුම්රියක නංවා කොළඹ දක්වා යැවීමට කටයුතු කර තිබේ.

දුම්රිය පීලි පැනීම හේතුවෙන් ගාල්ල සිට බෙලිඅත්ත දක්වා දුම්රිය ධාවනය මුළුමනින්ම නතර වී ඇත.  

Related articles

Recent articles

error: Content is protected !!