29 C
Galle

උණවටුනේ දී අයෙක් දුම්රියට බිලිවෙයි

Published:

උණවටුනේ දී ඊයේ (19) රාත්‍රී දුම්රියක ගැටීමෙන් පුද්ගලකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ උණවටුනේ පදිංචි එච්.කේ.සිරිපාල නමැති 84 හැවිරිදි අයෙකි. ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයේ ගරුවරියක වූ එච්.කේ.පද්මිණී ඔහුගේ දියණියයි.

එමෙන් ම මියගොස් ඇත්තේ ලංකා ගුරු සංගමයේ ගාලු දිසා ලේකම් කැළුම් ද සිල්වාගේ මාමණ්ඩියයි. පවුලේ ඥාතීන් පවසන්නේ රාත්‍රී 7.30ට පමණ මෙම අනතුර සිදුවූ බවයි.

මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය අද (20) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුකිරීමට නියමිතය.

Related articles

Recent articles

error: Content is protected !!