26.9 C
Galle

දකුණේ ආසාදිතයන් ගැන නිල තොරතුරු ලේඛනය

Published:

දකුණු පළාතෙන් අද (25) දිනයේ කොරෝනා ආසාදිතයන් 34 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාරම මහගමගේ පවසයි.

ඔහු දක්වන සංඛ්‍යාලේඛන අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 07 දෙනෙකි. මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 17 දෙනෙකි. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 10 දෙනෙක් වාර්තා වී ඇත.

එම සංඛ්‍යා ලේඛන අනුව මේ දක්වා දකුණු පළාතෙන් වාර්තා වූ කො‍රෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5041ක් වන අතර දැනට සුවය ලබා ඇති ආසාදිතයන් සංඛ්‍යාව 4709කි.

කෙසේ වෙතත් මෙම සංඛ්‍යාලේඛන නිකුත් කරනු ලබන්නේ සවස 4.00 දක්වා යාවත්කාලීන වන තොරතුරු අනුව බැවින් මේ වනවිට අපට ලැබී ඇති දත්ත අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ මීට වඩා වැඩි කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ද ඇත්තේ එවැනිම තත්ත්වයකි.

එම රෝගීන් පිළිබඳ තොරතුරු දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ නිල ලේඛනවලට ඇතුළු වන්නේ හෙට (26) දිනයේ දී ය.

Related articles

Recent articles

error: Content is protected !!