25.2 C
Galle

වෛද්‍ය පීඨ තුනක තීරණ අධිකරණයෙන් බල රහිත කරයි

Published:

වෛද්‍ය පීඨයන්හ ිලියාපදිංචි වී වසර 10ක් ඉක්මවා ගිය විට ශිෂ්‍යභාවය අහෝසිවන බවට තිබූ රෙගුලාසිය අහෝසිකරන ලද අභියානාධිකරණය එම රෙගුලිසිය අනුව ශිෂ්‍යන් 16 දෙනකුගේ ශිෂ්‍ය භාවය අහෝසිකිරීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරීය ගෙන තිබූ තීන්දුව ද බල රහිත කරමින් රීට් ආඥාවක් නිකුත් කරනු ලැබීය.

අභියාචනාධිකරණය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන ලද්දේ කැලණිය, පේරාදෙණිය හා රුහුණ යන විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය පීඨවල ඉගෙනුම ලැබූ ශිෂ්‍යයන් 16 දෙනකු ගොනුකර තිබූ පෙපත්සම් තුනක් සැළකිල්ලට ගනිමිනි.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස එම විශ්වවිද්‍යාලයන් හි ලේඛකාධිකාරීවරුන් සහ වෛද්‍යපීඨ පීඨාධිපතිවරුන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!