27.3 C
Galle

චීන ආරක්ෂක ඇමති ජනපති ගෝඨාභය හමුවෙයි

Published:

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් චෙයි ෆෙන්ග්හ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් අද (28) පෙරවරුවේ ජනාධිපපති කාර්යාලයේ දී සිදුවිය.

ජනාධිපති කාර්යාලයට පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා පිළිගන්නා ලද්දේ ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර සහ විදේශ ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) මහාචාර්ය ජයනාත් කොළඹගේ විසිනි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී සෙන්හොන් (Qi Zhenhong), චීන මහජන හමුදාවේ ඒකාබද්ධ මාණ්ඩලික දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානී හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් ලුතිතන් ජෙනරාල් ෂාඕ යැන්ග්මින් (Lt. Gen. Shao Yuanming ), මේජර් ජනරාල් සි ග්ව්ඕවෙයි (Ci Guowei ) සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මෙම ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක්ව සිටියහ.

Related articles

Recent articles

error: Content is protected !!