24.8 C
Galle

ඊයේ ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ

Published:

ශ්‍රී ලංකාවෙන් ඊයේ (29) වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 1531 අතරින් 533 දෙනකු ම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් 146ක්, පිළියන්දලින් 129, මුල්ලේරියාවෙන් 31ක්, වැල්ලම්පිටියෙන් 27ක්, මොරටුවෙන් 19ක්, මහරගමින් 16ක් වශයෙන් රෝගීන් වාර්තා වී තිබේ. ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 145 දෙනකු හා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 145 දෙනකු ද වාර්තා වී තිබේ. ඒ අනුව බස්නාහිර පළාතෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 823 දෙනෙකි.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 107 දෙනෙකු වාර්තා වී තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 84ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් 17ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 10ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 13ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 35ක, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 07ක්, මොණරාගල දිස්ත්‍රික්කයෙන් 16ක් මාතර දිස්ත්‍රික්කයෙන් 46ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් 48ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් 35ක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් 13ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 43ක්, රත්නපුරය දිස්ත්‍රික්කයෙන් 22ක්, වව්නියාව දිස්ත්‍රික්කයෙන් 07ක්, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 14ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 43ක්, කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් 03ක්, මුලතිව් දිස්ත්‍රික්කයෙන් 01ක් සහ විදේශගතව සිට පැමිණි පුද්ගලයන් 40ක් ඊයේ දිනයේ දී වාර්තා වී ඇත.

එකම ආසාදිතයකු හෝ වාර්තා වී නැත්තේ මන්නාරම දිස්ත්‍රික්කයෙන් පමණි.

Related articles

Recent articles

error: Content is protected !!