29.4 C
Galle

උණවටුන අරලිය හෝටලයේ සේවකයන් පිරිසකට කොරෝනා

Published:

උණවටුන අරලිය හෝටලයේ සේවකයන් 12 දෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගැනීම හේතුවෙන් එම හෝටලය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෑතක දී විවෘතකරන ලද අරලිය හෝටලය පසුගිය අවුරුදු කාලයේ දේශීය සංචාරකයන් විශාල වශයෙන් පැමිණි ස්ථානයකි. සංගීතමය සාද කිහිපයක් ද මෙම හෝටලයේ පවත්වා තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම සේවකයන් 12 දෙනා ප්‍රතිකාර සඳහා යොමුකර ඔවුන්ගේ ආශ්‍රිතයන් පිළිබඳ ලැබෙන තො‍රතුරු අනුව හෝටලය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තිරණය කරන බවයි.

Related articles

spot_img
error: Content is protected !!