29 C
Galle

පරිප්පු මිළ කිහිප ගුණයකින් වැඩි කරලා

Published:

මෙරට වෙළෙඳ පොළේ පරිප්පු මිළ හදිසියේ ම විශාල ලෙස ඉහළ ගොස් තිබේ. පසුගිය අප්‍රේල් 27 වැනි දා කහ පරිප්පු කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 197.00 ලෙස අළෙවි කළ සුපිරි වෙළෙඳ සැළක අද (02) දින එම වර්ගයේ ම පරිප්පු කිලෝ ග්‍රෑම් එකක් අළෙවි කළේ රුපියල් 450.00ක මුදලකටය.

පසුගිය 27 වැනි දා රුපියල් 200.00ට වඩා අඩු මුදලකට තිබූ කඩල පරිප්පු කිලෝ ග්‍රෑම් එකක් අද එම සුපිරි වෙළෙඳ සැළේ ම රුපියල් 750.00කට මිල සටහන් කර තිබිණි. මේ පිළිබඳ එම සුපිරි වෙළෙඳ සැළේ කළමණාකරුගෙන් විමසා සිටි අවස්ථාවේ දී ඔහු කියා සිටියේ මෙය දැන් පවතින වෙළෙඳ පොළ මිල බවයි.

මේ සම්බන්ධයේ පාරිභෝගික අධිකාරියෙන් විමසූ විට එහි නිලධාරියකු ඔහු කියා සිටියේ පරිප්පු සම්බන්ධයෙන් තිබූ පාලනය ඉවත් කළ බැවින් මෙලෙස මිල ඉහළ ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් මයිසූර් පරිප්පු මිල මෙතෙක් ඉහළ දමා තිබුණේ නැත.

Related articles

Recent articles

error: Content is protected !!