29 C
Galle

ඇල්ල-පස්සර මාර්ගයට පස් සහ ගල් පෙරැළෙයි

Published:

ඇල්ල – පස්සර ප්‍රධාන මාර්ගයේ බල්ලකැටුව ප්‍රදේශයේ දී අද (03) සවස පස් කන්දක් පාරට කඩා වැටීමෙන් මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මාර්ගයට පස් සහ ගල් පෙරැළී තිබේ. මාර්ග සංවර්ධන අධකාරිය හා ප්‍රදේශවාසීන් එක්ව මාර්ගයේ පස් ඉවත්කිරීම සිදුකරමින් සිටියි. මහ වැසි හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක මාර්ගවලට පස් කඳු කඩා වැටීමේ අවධානමක් පවති බැවින් රථ වාහන ධාවනයේ දී විමසිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

Related articles

Recent articles

error: Content is protected !!