27.2 C
Galle

බෝට්ටුවලින් ශ්‍රී ලංකාවට එමින් සිටි ඉන්දීය සංක්‍රමණිකයෝ පිරිසක් අල්ලයි

Published:

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටි පුද්ගලයන් 86ක් රැගත් ධීවර යාත්‍රා 11ක් නැවැත්වීමට පියවර ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පවසයි.

ඉන්දියාවේ කොරෝනා සීඝ්‍රයෙන් පැතිරීම හේතුවෙන් නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දීය ජාතිකයන් මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බැවින් එය වැළැක්වීම සඳහා නාවික හමුදාව පැය 24 පුරා මුර සංචාර වැඩි කර තිබිණි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ මන්නාරමට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ කළ විශේෂ මුර සංචාරයක දී මෙම යාත්‍රා ඇතුළුවීම වැළැක්වූ බවයි. මේ සම්බන්ධව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හා ඉන්දීය වෙරළාරක්ෂක‍ දෙපාර්තමේන්තුව දැනුම්වත් කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!