25.9 C
Galle

ගාල්ල ආසාදිතයන් වාර්තාවීමෙන් දෙවැනි වන්නේ බස්නාහිරට පමණයි

Published:

ආසාදිතයන් වාර්තාවීම අතින් බස්නාහිර පළාතේ දිස්ත්‍රික්කවලට පමණක් ගාල්ල දිස්ත්‍රික්කය ඊයේ (10) දිනයේ දී දෙවැනි වී තිබේ.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් නිකුත් කර ඇති ආසාදිතයන් වාර්තාවන දිස්ත්‍රික්ක ලේඛනයට අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ දී ආසාදිතයන් 228ක් වාර්තා වී තිබේ.

බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය ආසාදිතයන් 755, ගම්පහ දිස්ත්‍රික්කය ආසාදිතයන් 323 සහ කළුතර දිස්ත්‍රික්කය 234ක් වශයෙන් ඉයේ ආසාදිතයන් වාර්තාවන අතර මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කය ද බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුන ආසන්නයට ම පැමිණ තිබේ.

ඊයේ දිනයේ දී කොරෝනා ආසාදිතයන් 2,672ක් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන අතර ඒ අතර විදෙස්ගත වී සිට පැමිණි ආසාදිතයන් 13 දෙනකු ද සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.

දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවලින් ඊයේ ආසාදිතයන් වාර්තා වී තිබීම විශේෂත්වයකි.

Related articles

Recent articles

error: Content is protected !!