25.5 C
Galle

බැඳුම්කර නඩු විභාගයටත් කොරෝනා හරස් වෙයි

Published:

බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් 11 දෙනකුට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (11) විභාගයට නොගෙන ජුනි මස 16 වැනි දා යළි කැඳවීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබේ.

නීතිපතිවරයා විසින් ගොනුකර ඇති මෙම නඩුව අද දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතව තිබිණි. මේ දිනවල පවතින කොරෝනා අර්බුදය හේතුවෙන් අධිකරණ සේවා කොමිසම විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව මෙම නඩුව විභාග කල්දැමිණි. ඒ අනුව එය යළි ජුනි මස 16 වැනි දා කැඳවීමට නියමිතය.

2016 වසරේ මාර්තු මස 29 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියක දී රුපියල් බිලියන 36කට අධික භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය විශ්වාසය කඩ කළේ යැයි හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, පර්පචුවෙල් ට්‍රේෂරීස් සමාගමේ හිමිකරුවන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් 11දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!