24.1 C
Galle

සේරුවිල රජමහා විහාරාධිපති ඉන්දියාවේ දී කොරෝනා සෑදී අපවත් වෙති

Published:

සේරුවිල මංගල රජමහා විහාරාධිපති අමරපුර කල්‍යාණවංශික මහා නිකායේ නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක මුංහේනේ මෙත්තාරාම නා හිමියෝ ඉන්දියාවේ දී කොරෝනා ආසාදනය වීමෙන් අපවත්වී ඇතැයි එම විහාරස්ථානයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ හිමියන් අපවත් වී ඇත්තේ ඉන්දියාවේ පුද්ගලික රෝහලක දී ය. අක්මාවේ ශල්‍යකර්මයක් සඳහා මාසයකට පමණ පෙර හිමියන් ඉන්දියාවට වැඩමකර ඒ සඳහා සූදානම්ව සිටින අතරතුර කොරෝනා ආසාදනය වී තිබේ. කොරෝනා ආසාදිත බැවින් හිමියන්ගේ දේහය ශ්‍රී ලංකාවට වැඩමවීම ද නොහැකි තත්ත්වයක් උදා වී ඇත.

Related articles

Recent articles

error: Content is protected !!