26.2 C
Galle

ජයවර්ධනපුර රෝහලේ ගිලන්රථ සේවය ගිලන් වෙයි

Published:

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ගිලන්රථ සේවය මේ වනවිට නවතා දැමීමට සිදුව තිබේ. එම රෝහලේ ගිලන්රථ රියදුරකු කොරෝනා ආසාදිතයකු ලෙස හදුනාගැනීම හේතුනේ අනෙකුත් ගිලන්රථ රියදුරන් නිරෝධායනයට යොමුකිරීමට සිදුවූ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ පවසයි.

ඔහු කියා සිටියේ කොරෝනා ආසාදනය හේතුවෙන් රෝහලේ ගිලන්රථ රියදුරන් සේවා මුර ක්‍රමයකට කැඳවා තිබුණ ද පසුගිය දිනවල රෝගීන් ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් ගිලන්රථ රියදුරන් වැඩි කාලයක් සේවයේ යොදවා ගැනීමට සිදුව ඇති බවයි. ආසාදනය වූ රියදුරා අනිකුත් රියදුරන් සමඟ නේවාසිකව සිටීම හේතුවෙන් රියදුරන් නිරෝධායනයට යොමුකිරීමට සිදුවූ බව ද අධ්‍යක්ෂවරයා කිවේය.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට දැනුම් දීමෙන් පසු කළුබෝවිල රෝහලෙන් සහ කාසල් කාන්තා රෝහලෙන් ගිලන්රථ කිහිපයක් ලබා දී රෝගී සත්කාරක සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බව ද හෙතෙම පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!