28.3 C
Galle

සිසුවෙකුට පහරදීමේ සිද්ධියකට සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට

Published:

හැටන් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක පන්ති කාමරයක් තුළදී 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට එම පාසලේම සිසුන් දෙදෙනෙකු සහ ආදි සිසුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පවසන පරිදි, අදාළ පාසලේ 10 වැනි ශ්‍රේණියේ සිසුන් දෙපිරිසක් අතර මීට සති තුනකට පමණ පෙර ගැටුමක් හටගෙන ඇති අතර, ඒ සඳහා මෙම ආදි සිසුවා ද මැදිහත් වී ඇත. එම ගැටුම පාසල තුළදීම සමථයකට පත් කර තිබුණද, පහරදීම සිදුවන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබේ.

ඒ අනුව, පහරකෑමට ලක්වූ සිසුවාගේ මව විසින් ඊයේ (28) හැටන් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

පහරකෑමට ලක්වූ සිසුවා මේ වන විට ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් වාර්තා කරයි. අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් තිදෙනා අද (29) හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!