26.2 C
Galle

කරාපිටිය රෝහලේ අද කාරෝනා මරණ 06ක්

Published:

කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ ඇති මළ සිරුරු 06ක් කොරෝනා ආසාදිත වී මියගය අයගේ බව අද (13) තහවුරු වී තිබිණි.

මෙම මළ සිරුරු අතර මොරටුව පදිංචි 56 හැවිරිදි පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් ද මිරිස්ස පදිංචිව සිටි 74 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුරක් ද තිබූ බව අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

කොරෝනා ආසාදිතව මියගොස් සිටි අනෙක් 04 දෙනාම ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි කරුවෝය. එක් අයකු රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි 80 හැවිරිදි කාන්තාවකි. බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ හපුගල බෙරලියදොළ පදිංචි 81 හැවිරිදි කාන්තාවක්, සහ අම්බලන්ගොඩ ඌරවත්තේ පදිංචි 79 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් තිබූ අතර නාගොඩ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයකු ද කොරෝනා ආසාදනයෙන් මියගොස් සිටියේය. මෙම මළ මරණ 04ත් සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 39 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා තුන්වැනි රැල්ලේ ආරම්භයෙන් පසු ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයන්ගේ ලේඛනය

  1. ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි 75 හැවිරිදි කාන්තාවක් 25 වැනි දින මියගියාය.
  2. අහංගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිව සිටි 66 හැවිරිදි පිරිමි පුද්ගලයකු 26 වැනි දින මියගියේය.
  3. ගාල්ල නගර සභා කොට්ඨාසයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයකු 27 වැනි දින මියගියේය.
  4. බද්දේගම පදිංචි 69 හැවිරිදි කාන්තාවක් 28 වැනි දින මියගියාය
  5. හික්කඩුව පදංචි කාන්තාවක් ද 28 වැනි දින මියගිය අතර ඇය මියයන විට 90 හැවිරිදි වියේ පසුවූවාය
  6. ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි 90 හැවිරිදි කාන්තාවක් 29 වැනි දින මියගියාය
  7. බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛදය නිලධාරී කොට්ඨාසයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයකු 29 වැනි දින මියගියේය.
  8. අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලයකු 29 වැනි දින මියගියේය.
  9. අම්බලන්ඩගොඩ, වතුගෙදර පදිංචි පිරිමි පුද්ගලයෙක් කොරෝනා ආසාදනය වී මියගොස් ඇත
  10. ඔලගන්දූව ඉඳුරුව පදිංචි වයස අවුරුදු 80ක් වූ කාන්තාවක් බලපිටිය මූලික රෝහලේ දී කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් මියගොස් ඇත.
  11. යක්කලමුල්ල පොල්පාගොඩ පදිංචි 39 හැවිරිදි පිරිමි පුද්ගලයකු නිවසේ දී මියගොස් ඇත.
  12. 53 හැවිරිදි කාන්තාවක් කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇත.
  13. 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි මියගොස් ඇති අතර කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇත
  14. වක්වැල්ල දූව වත්තේ සිටිය දී කොරෝනා ආසාදනය වී රෝහල්ගත කෙරුණු කාන්තාවක් මියගොස් ඇත.
  15. හික්කඩුව නාරිගම පදිංචි 70 හැවිරිදි කාන්තාවක් කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කොරෝනා ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු මියගොස් ඇත.
  16. ගාල්ල තලාපිටියේ පදිංචි 74 හැවිරිදි පිරිමි පුද්ගලයකු කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මියගියේය
  17. 84 හැවිරිදි කාන්තාවක් පදිංචි තොටගොඩ අක්මීමණ. නිවසේ දී මියගොස් ඇත.
  18. ගාල්ල මඩපාතල පදිංචි වයස අවුරුදු 70ක කාන්තාවක් එම නිවසේ දීම මියගොස් ඇත
  19. අම්බලන්ගොඩ පෝරඹ පදිංචි 86 හැවිරිදි පිරිමි පුද්ගලයකු කොරෝනා ආසාදිත බව දැන නිවසේ සිටිය දී 06 වැනි දා සවස මියගියේය.
  20. වදුරඹ කොකාවල පදිංචි 70 හැවිරදි පිරිමි පුද්ගලයකු නිවසේ දී ම මියගොස් ඇත.
  21. ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ අඟුළුගහ පදිංචි 80 හැවිරිදි කාන්තාවක් නිවසේ දී මියගොස් ඇත.
  22. බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ, නරාවල, පෝද්දල පදිංචි 82 හැවිරිදි පිරිමි පුද්ගලයකු නිවසේ දී මියගොස් ඇත
  23. හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ නාරිගම පදිංචි 65 හැවිරිදි කාන්තාවක් කරාපිටිය ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 25 හි ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබේ.
  24. හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයට අයත් බටපොළ ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයකු 25 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇත
  25. ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ අඟුළුගහ පදිංචි 74 හැවිරිදි පිරිමි පුද්ගලයකු වාට්ටු අංක 46 ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගියේය.
  26. අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කෙරමිණිය නිවසේ දී මියගොස් සිටි පිරිමි පුද්ලයකු කොරෝනා ආසාදිත බව තහවුරු කර ගැණිනි.
  27. වයස අවුරුදු 78ක කාන්තාවකි. පොද්දල පදිංචි ඇය කරාපිටිය රෝහලේ වාට්ටු අංක 36 ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගියාය
  28. වලහන්දූව කුරුඳුවත්තේ පදිංචිව සිටිය දී කොරෝනා ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය පුද්ගලයකු
  29. අම්බලන්ගොඩ නගරයේ පදිංචි 74 හැවිරිදි පිරිමි පුද්ගලයකු බලපිටිය රෝහලේ දී මියගියේය.
  30. කොළඹ ජාතික රෝහලේ දී ගාල්ල අහංගම පදිංචි 73 හැවිරිදි පුද්ගලයකු මැයි මස 06 වැනි දින මියගොස් ඇත.
  31. නියාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයේ පදිංචි 76 හැවිරිදි පුද්ගලයකු කරන්දෙණිය රෝහලේ සිට කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙනවිත් සිටිය දී 09 වැනි දින මියගියේය.
  32. දෙවට ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවක් කොරෝනා ආසාදනය වී මියගියාය.
  33. අහංගම ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පුද්ගලයකු ද කරාපිටිය ශික්ෂණ රෝහලේ දී මියගොස් ඇත.
  34. වදුරඹ ඉහළ ලේල්වල නිවසේ දී මියගිය 83 හැවිරිදි කාන්තාවකගේ සිරුරින් මරණයෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ ඔහු මියයනවිට කොරෝනා ආසාදනය වී සිටි බවයි.
  35. හබරාදුව පියදිගම බටහිර පදිංචි 75 හැවිරිදි කාන්තාවක් මැයි මස 11 වැනි දා නිවසේ දීම මියගියාය
  36. රත්ගම පදිංචි 80 හැවිරිදි කාන්තාවක්
  37. නාගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස බල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිිරිමි පුද්ගලයෙක්
  38. බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ හපුගල පදිංචි 81 හැවිරිදි කාන්තාවක්
  39. අම්බලන්ගොඩ ඌරවත්තේ පදිංචි 79 හැවිරිදි කාන්තාවක්

Related articles

Recent articles

error: Content is protected !!