24.1 C
Galle

ශ්‍රී ලංකාවේ තත්ත්වය නරක බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි

Published:

ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගත තත්ත්වය දරුණු වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් පවසයි.

දෛනිකව පැවැත්වෙන මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ ඉන්දියාවේ පවතින තත්ත්වය පිළිබඳ දැඩි අවධානයක් යොමුකර ඇති බවයි. ඉන්දියාවට අමතරව ශ්‍රී ලංකාව, නේපාලය, වියට්නාමය, කාම්බෝජනය, තායිලන්තය සහ ඊජිප්තුව යන රටවල් ද ඉතාමත් අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි ඔහු පවසා තිබෙබ්.

මෙම වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එකම පියවර එන්නත් ලබාදීම සහ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම පමණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related articles

Recent articles

error: Content is protected !!