27.7 C
Galle

WhatsApp භාවිතා කරන අයට අනතුරු ඇඟවීමක්

Published:

ඉලක්කම් 06ක කේතයක් වැරදීමකින් එවා ඇතැයි WhatsApp පණිවිඩයක් ඔබට ලැබුණහොත් ඊට ප්‍රතිචාර නොදක්වන්න යැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ශ්‍රී දැනුම් දෙයි.

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබ හොඳින්ම දන්නා අයකුගෙන් වුව ද එයට ප්‍රතිචාර නොදැක්විය යුතු බව ද එවැනි පුද්ගලයකුගෙන් ඔබට පණිවිඩය එන්නේ ඔහුගේ හෝ ඇයගේ අනුදැනුමකින් තොරව බව ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දන්වා සිටියි. එබැවින් ඔබට එම පණිවිඩය එවූ පුද්ගලයා දැනුම්වත් කරන ලෙස ද ඉල්ලා සිටියි.

එමෙන් ම තම WhatsApp ගිණුම් ආරක්ෂා කර ගැනීම සඳහා 2 Factor Authentication සක්‍රීය කරගන්නා ලෙස ​ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව WhatsApp පරිශීලකයින්ට දැනුම් දෙයි.

Related articles

Recent articles

error: Content is protected !!