28.3 C
Galle

කොරෝනා සෑදී ECMO ප්‍රතිකාර ලබාදීමට පෙර තරුණියක් කරාපිටියේ දී මරුට

Published:

කොරෝනා ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලේ ECMO ප්‍රතිකාරයට යොමු කිරීමට කටයුතු කරමින් සිටි සිටි 27 හැවිරිදි තරුණියක් අද (18) මියගිය බව රෝහල් ආරංචිමාර්ග පවසයි. ඇගේ පියා ද මීට දින කිහිපයකට පෙර කොරෝනා සෑදී මියගියේය.

දැඩි සත්කාර ඒකකයේ සිටි ඇයට Ecmo ප්‍රතිකාර ලබාදීම සඳහා අවශ්‍ය රුධිරය පවා සූදානම් කර තිබිය දී ඇය අවසන් හුස්ම හෙළුවාය.

මියගිය මෙම තරුණිය ගාල්ලේ පදිංචිකාරිනියක වන අතර ඇය ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. Chartered institute of personnel management හි ඇය වැඩිදුර අධ්‍යාපනය ලබමින් සිටියාය.

විශේෂ සටහන – අප මෙම ප්‍රවෘත්තිය පළ කරන ලද්දේ කරාපිටිය ශික්ෂණ රෝහලේ Ecmo ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක් මියගිය බව සටහන් කරමිනි. ඇයට එක්මෝ ප්‍රතිකාර ලබාදීම සඳහා අවශ්‍ය රුධිරය පවා දැඩි සත්කාර ඒකකයේ ඉල්ලීම මත සූදානම් කර තිබිණි. නමුත් එම පුවත පළ කිරීමෙන් පසු එක්මෝ ප්‍රතිකාර ඒකකයේ කාර්ය මණ්ඩලය අපට කියා සිටියේ ඇය එක්මෝ ප්‍රතිකාරය සඳහා සූදානම් කළ ද එම ප්‍රතිකාර ආරම්භ කිරීමට අවස්ථාවක් නොවූ බවයි.

Related articles

spot_img
error: Content is protected !!