25.6 C
Galle

ආසාදිතයන් මිලියනයක් වාර්තාවීමේ අවදානමක් ගැන සෞඛ්‍ය අංශ පවසයි

Published:

දින 100ක කාලයේ දී කොරෝනා ආසාදිතයන් ලක්ෂ 10ක් (මිලියනයක්) වාර්තාවීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

ඔහු පවසන්නේ සාමාන්‍ය පුරෝකථනය අනුව දින 5ක් හෝ 6ක් ඇතුළත මේ රෝගය තවත් කෙනෙකුට බෝ කරනවා නම් සෑම දින 5කට වතාවක් මේ රෝගීන් සංඛ්‍යාව දෙගුණ වන බවයි. එසේ වුවහොත් අනිවාර්යයෙන් ම දින 100ක කාලයේ දී රෝගීන් සංඛ්‍යාව 20 වතාවක් දෙගුණ වී මිලියනය ඉක්මවා රෝගීන් වාර්තාවිය හැකි බව වෛද්‍ය හේරත් පවසයි.

මේ හේතුවෙන් හැකිතාක් නිවෙස්වලට ම වී සිටින ලෙසත්, සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් උපරිම අයුරින් ආරක්ෂා කරන ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related articles

Recent articles

error: Content is protected !!