25.6 C
Galle

අසාදිත මහළු මවක් 60ට වැඩියැයි කියා කොරෝනා මධ්‍යස්ථානයෙන් හරවා යවලා

Published:

වයස අවුරුදු 60ට වඩා වැඩි අය භාරගැනීමට නොහැකියැයි පවසමින් කෑගල්ලේ වයස්ගත මවක් කො‍රෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් යළි නිවෙස වෙත එවීමේ කණගාටුදායක සිද්ධියක් වාර්තා වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

මේ වනවිට කොරෝනා ආසාදිත අතිවිශාල පිරිකස් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමුවීමට නොහැකිව නිවෙස්තුළම රැඳී සිටින බව ද හෙතෙම කීවේය.

එලෙස රැඳීසිටින පිරිස් රෝග ලක්ෂණ හො කිසියම් සංකූළතාවක් පෙන්නුම් කරන්නේ නම් හැකි ඉක්මණින් තම සංගමය වෙත දැනුම්දෙන ලෙස ද උපුල් රෝහණ කියයි.

“පසුගිය දින කිහිපයේ බොහෝ ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ප්‍රකාශ වුණේ ධාරිතාවය ඉක්මවා ඇති බැවින් ඇතුළත් කර ගැනීමේ ගැටලු තියෙනවා කියලා. එවැනි වාතාවරණයක් තුළ තමයි අර වයස අවුරුදු 60 ඉක්මවූ මවක් යළි භාරගත නොහැකියැයි කියා යළි නිවෙසට යවා තිබෙන්නේ. ඇයට නිදන්ගත රෝග රාශියක් තිබෙන බව දැනගත හැකිවුණා. මෙය ඉතාමත් කණගාටුදායක හා භයානක තත්ත්වයක්. “

Related articles

Recent articles

error: Content is protected !!