31.1 C
Galle

හිස නැති මළ සිරුරක් හමුවේ. හිස බෑගයක දමලා

Published:

හිස සිරුරින් වෙන් කළ මළ සිරුරක් ‍ඇහැළියගොඩ, මින්නාන ප්‍රදේශයෙන් හමුවූ බව පොලිසිය පවසයි.

මෙලෙස මරා දමා ඇත්තේ 24 හැවිරිදි වියේ පසු වූ අවිස්සාවෙල්ල, ගලපිටමඩ ප්‍රදේශයේ පදිංචි තරුණයකු බව හඳුනාගෙන ඇත.

මළ සිරුරේ කඳ කොටස මාර්ගයක් අසළ තිබූ සොයාගෙන ඇති අතර අවට පරීක්ෂා කිරීමේ දී එම ස්ථානයට මීටර 100ක් පමණ දුරින් හමුවූ බෑගයක තිබී හිස සොයාගෙන තිබේ. පොලිසිය පවසන්නේ මෙම තරුණයාට මීට වසරකට පමණ පෙර ඝාතන චෝදනා එල්ල වී තිබූ බවයි. ඒ සම්බන්ධයෙන් අවිස්සාවේල්ල අධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් පවතී.

මෙම ඝාතනය සම්න්ධයෙන් ඇහැළියගොඩ පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.

Related articles

Recent articles

error: Content is protected !!