26 C
Galle

කරාපිටිය රෝහලේ අද දිනයේ කොරෝනා මරණ 10ක්

Published:

කරාපිටිය ශික්ෂණ ‍රෝහලේ මෘත ශරීරාගාරයට ලැබී තිබුණු මළ සිරුරු අතර අද (20) දින කොරෝනා මරණ 10ක් වාර්තා වී ඇතැයි අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ එකම දිනයක දී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව මෙය වන අතර මේ 2020 දෙසැම්බර් මාසයේ කරාපිටියෙන් පළමුවැනි කොරෝනා මරණය වාර්තාවීමෙන් පසු මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 105ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙලෙස කරාපිටිය ශික්ෂණ රෝහලේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුවන කොරෝනා මරණ පිළිබඳ රජය නිල වශයෙන් වාර්තා කිරීම සිදුවන්නේ අවම වශයෙන් බැවින් ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව කොරෝනා අවදානමේ තරම තේරුම් නොගන්නා බව සෞඛ්‍ය සේවකයෝ කියති.

Related articles

Recent articles

error: Content is protected !!