31.1 C
Galle

කොළඹට ආ රසායන ද්‍රව්‍ය පිරවූ නැවක ගින්නක්

Published:

කොළඹ වරායෙන් පිටත නවතා තිබූ රසායනික ද්‍රව්‍ය පිරවූ නැවක ගින්නක් හටගෙන ඇතැයි නාවික හමුදාව පවසයි. ඉන්දියාවේ ගුජරාට් සිට කෙළඹ වරායට බහාලුම් රැගෙන පැමිණ තිබූ MV X – Press Peral නමැති මෙම නෞකාවේ රසායනික ද්‍රව්‍ය ගබඩා කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

එහි ඇති රසායනික ද්‍රව්‍යවල සිදුවූ කාන්දුවක් හේතුවෙන් ඒවා වැසි ජලය සමඟ එක්වී ඇතිවූ ප්‍රතික්‍රියාවකින් ඊයේ (20) සවස සිට නෞඛාවේ ඉදිරිපස කොටසේ දුමක් හටගෙන තිබූ බවත් අද උදෑෂන සිට එම ස්ථානයේ ගින්නක් ඇතිවී තිබෙන බවත් නාවික හමුදාව පවසයි.

නාවික හමුදාවේ නැවක්, ඩෝරා යාත්‍රා ‍02ක් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ටග් යත්‍රා දෙකක් ගින්න ඇතිවූ නෞඛවා අසළ ස්ථානගත කර තිබෙන බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!