26.9 C
Galle

රෝග ලක්ෂණ නොමැති රෝගීන් නිවෙස්වල තැබීම කළුතරින් ආරම්භ වේ

Published:

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ නව ක්‍රමවේදයේ නියමු ව්‍යාපෘතිය ඊයේ (21) සිට දින තුනක් කළුතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මෙම නියමු වැඩසටහන විශ්ලේෂණය කිරීමෙන් පසු කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක සඳහා ද එය ආරම්භ කරන බව හෙතෙම පවසයි.

මේ අනුව රෝග ලක්ෂණ නොපෙන්නුව ද වයස අවුරුදු 60ට වැඩි කොවිඩ් ආසාදිතයින් අනිවාර්යයෙන් ම රෝහල්ගත කෙරේ. සුළු රෝගී තත්ත්වයක් පවතින ආසාදිතයින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමුකරයි. ආසාදිත වුව ද රෝග ලක්ෂණ නොපෙන්වන එමෙන්ම සිටින පරිසරය වඩාත් සුදුසු යැයි තීරණය කළ හැකි අය පමණක් නිවෙස්වල රැඳවීම මෙහි දී සිදුවෙයි.

Related articles

Recent articles

error: Content is protected !!