27.3 C
Galle

මන්නාරම වෙරළේ නරක්වූ මළ සිරුරක්

Published:

මන්නාරම තාවුල්පාඩු වෙරළේ තිබූ හඳුනාගත නොහැකි තරමට නරක් වූ මිනිස් මළ සිරුරක් ඊයේ (25) සොයාගත් බව මන්නාරම පොලිසිය පවසයි.

මෙම මළ සිරුරේ කොටස් දියවී විනාශ වී අස්ථි පවා ඇතැම් ස්ථානවලින් මතුවී තිබූ බැවින් මියගොස් ඇති පුද්ගලයකා කවරකු ද යන්න හඳුනාගත නොහැකිව තිබේ.

සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මන්නාරම රෝහලට යවා ඇති අතර මන්නාරම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Related articles

Recent articles

error: Content is protected !!