27.3 C
Galle

විෂ රසායනික නැවේ බඩු සොයා ජනතාව වෙරළ පීරති. ජීවිත අවදානමට වඩා තණ්හාව පෙරට

Published:

ගිනි ගනිමින් පවතින නැවේ තිබී වෙරළට පාවෙමින් එන් ද්‍රව්‍ය එකතු කරීමට ජනතාව මීගමුව, ජාඇළ, කැපුම්ගොඩ, සෙත්තප්පාඩුව, දුන්ගල්පිටිය හා උස්වැටකෙයියාව වෙරළ තීරයට පැමිණ තිබේ.

මෙම නැවේ අහිතකර රසායනික ද්‍රව්‍ය හා ප්‍රතික්‍රියාකාරක අඩංගු බැවින් මෙලෙස පාවී එන ද්‍රව්‍ය මිනිස් සිරුරට අහිතකර බැවින් ඒවා ඇල්ලීමෙන් වළකින ලෙස සමුද්‍ර පරිසර දූෂණ අධිකාරිය නිවේදනය කළේය. එසේ වුව ද එම උපදෙස් හා දැනට ක්‍රියාත්මක සංචරණ සීමා නොතකමින් ඔවුහු ඒවා එක්රැස්කරති.

දෙරණ වාර්තාකරු පවසා ඇත්තේ වෙරළට, දැවි තෙල්, අබිලි ද්‍රව්‍ය, ප්ලාස්ටික් සහ චොකලට් වැනි ආහාර ද්‍රව්‍ය ද පාවී එන බවයි.

(වීඩියෝ දර්ශන ද පහතින් ඇත)

මූලාශ්‍රය, වීඩියෝ සහ ඡායාරූප – අද දෙරණ

Related articles

Recent articles

error: Content is protected !!