27.3 C
Galle

නැවේ බඩු එකතු කළ පිරිසක් අත්අඩංගුවට

Published:

ගනි ගන්නා නැවේ තිබී වෙරළට ගොඩ ගැසූ භාණ්ඩ ඒකතු කළ පුද්ගලයන් 08 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

පමුණුගමුව, දුන්ගල්පිටිය, මීගමුව සහ කොච්චිකඩේ යන වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල මෙම මෙහෙයුම සිදුකර තිබේ. ඒලෙස ඒකතු කරන ලද භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් ද පොලිස් භාරයට ගෙන ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලැබී ඇති වීඩියෝ දර්ශන අධ්‍යයනය කරමින් අදාල පුද්ගලයන් සොයා අත්අඩංගුවට ගැනීම් සිදුකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

Related articles

Recent articles

error: Content is protected !!