26 C
Galle

නැවේ ගින්නෙන් ධීවර කර්මාන්තයටත් බලපෑම්. නාරා ආයතයනත් පර්යේෂණ අරඹයි

Published:

X-Press Pearl නැවේ ගින්න හේතුවෙන් සාගර පරිසර පද්ධතියට හානි සිදුව ඇත්දැයි සෙවීමට ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන න‍ියෝජිත ආයතනය හෙවත් නාරා ආයතනය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එම පර්යේෂණ කටයුතු අවසන්වන තුරු නැව ගිනිගන්නා ප්‍රදේශය හා එහි සුන්බුන් පාවී එන ප්‍රදේශවල මුහුදු කලාපයේ ධීවර කටයුතුවල නොයෙදෙන ලෙස ද  ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර ඉල්ලා සිටියි.

මෙම පර්යේෂණය සඳහා දින දෙකක පමණ කාලයක් ගතවන බව නාරා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය පාලිත කිත්සිරි පවසයි.

මේ අතර ධීවර රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ නැවේ ගින්න ඇතිවූ අවස්ථාවේ ම වෙරළ ආසන්නයේ ධීවර කටයුතු නවතා දැමූ බවයි. එබැවින් මේ වනවිට මත්ස්‍ය අස්වැන්න ‍රැගෙන එම ප්‍රදේශවල ගොඩබිමට පැමිණෙන්නේ ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලූ බහුදින යාත්‍රා බැවින් මෙම වෙරළ අවට ප්‍රදේශවල මත්ස්‍ය අස්වැන්න මිලදී ගැනීමට බිය නොවන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

Related articles

Recent articles

error: Content is protected !!