26.6 C
Galle

නැවේ අපද්‍රව්‍ය අම්බලන්ගොඩ මාදම්පා වෙරළටත් ඇවිත්

Published:

X-Press Pearl නෞකාවේ ගින්නෙන් මුහුදට වැටුණු බහාලුම්වල තිබූ ප්ලාස්ටික් අපද්‍රව්‍ය මේ වනවිට අම්බලන්ගොඩ මාදම්පේ මුහුදු තීරයට ගොඩගසමින් පවතින බව ප්‍රදේශවාසීහු කියති.

සුදු පැහැති කුඩා ප්ලාස්ටික් කැබලි මාදම්පේ වෙරළ තීරය පුරාම දැකිය හැකිය. තවදුරටත් එම ප්ලාස්ටික් කොටස් රළ සමඟ පාවෙමින් එන බවද දැනගන්නට ඇත. මෙලෙස මුහුදු වෙරළට පැමිණෙන ආගන්තුක ද්‍රව්‍ය දුටුවහොත් වහාම දැනුම් දෙන ලෙසත් ඒවා අතින් ඇල්ලීම හෝ ඒවා වෙත ළඟාවීම හෝ සිදු නොකරන ලෙසත් සමුද්‍ර පරිසර දූෂණ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඡායාරූප – Nilanga N Induni Alwis

Related articles

Recent articles

error: Content is protected !!