27 C
Galle

අතුරුදන් වූ මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර හමුවෙයි

Published:

කහවත්ත, නීලගම මාර්ගයේදී පසුගිය 28 වැනිදා අතුරුදන් වූ මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර කහවතුකන්ද ප්‍රදේශයේ අතහැර දමා තිබූ මැණික් පතලක තිබී අද (30) සොයාගත් බව කහවත්ත පොලිසිය පවසයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඕපනායක, ලෙන්දකට්ටංගේ පදිංචිව සිටි ඩබ්ලිව්.ජී. අනුර නැමැති තිදරු පියෙකි.

පසුගිය 28 වැනිදා මොහු අතුරුදන් වීමෙන් අනතුරුව කහවත්ත සහ ඕපනායක පොලිස් කණ්ඩායම් එක්ව ප්‍රදේශය පුරා විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබුණි. ඒ අනුව සිදුකළ විමර්ශනවලදී මෙම සිරුර හමුවී ඇත.

මෙය ඝාතනයක්ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූ මරණයක්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා කහවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

Related articles

spot_img
error: Content is protected !!