29.4 C
Galle

පුත්තලමේ හිමිනමක් විහාරයතුළ අපවත්වී සිටිය දී සොයාගනී

Published:

පුත්තලම කොට්ටුකච්චිය විහාරස්ථානයක හිමිනමක් විහාරස්ථාන ගෙඩනැගිල්ලක අපවත් වී සිටිය දී සොයාගත් බව පුත්තල පොලිසිය පවසයි.

මෙම හිමියන්ගේ සිරුර සොයාගෙන ඇත්තේ කොට්ටුකච්චිය උස්බිම ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ දී ය. උන්වහන්සේ වැඩ සිටින ආවාස ගෙය ඇතුළේම මෙසේ අපවත්වී සිටිය දී හමුවී ඇත. විහාරස්ථානයට ගෙන ආ දාන දෙකක් මුළුතැන්ගේ අසළ තිබී සොයාගත් බවත් ඉන් පසු ගිලන්පස රැගෙන ආ පිරිසක් හිමියන් නොදැකීම හේතුවෙන් සොයා බැලීමේ දී හිමියන් ආවාස ගෙය ඇතුළත වැටී සිටිනු දැක ඇත.  

මෙලෙස අපවත් වී ඇත්තේ කැකණදුර ධම්මරත්න (63) නමැති හිමිනමකි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අපරාධ ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් ද පැමිණ විමර්ශන ආරම්භ කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!