28.7 C
Galle

“ලිපියට මම අත්සන් කළා. බොරු ප්‍රචාර එපා”, අස්ගිරි මහ නා හිමියෝ කියති

Published:

ත්‍රෛනිකායික මහා නා හිමිවරුන්ගේ අත්සන් සහිතව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යවන ලද ලිපියෙහි තම අත්සන පිළිබඳ ගැටලුවක් නැතැයි ද එයට තමන් කැමැත්තෙන් අත්සන් කරන ලදැයි ද වරකාගොඩ ශ්‍රී ඥානරත්න සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නාහිමියන් පවසා තිබේ.

මේ බව සඳහන් කරමින් මහ නාහිමියන්ගේ උපදෙස් මත මහා නාහිමියන්ගේ පුද්ගලික ලේකම් ආචාර්ය මුරුද්දෙණියේ ධම්මරතන හිමියෝ කියති.

එම ලිපියට අස්ගිරි මහා නාහිමියන් අත්සන් කළේ නැතැයි ද එය ව්‍යාජ අත්සනක් යැයි ද විවිධ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ඇතැම් අදහස් පළකර තිබිණි. එමෙන්ම ආණ්ඩුවට සම්බන්ධ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද එවැනි ප්‍රචාරයක් ගෙන ගොස් තිබිණි.

අස්ගිරි මහ නාහිමියන්ගේ අත්සන සම්බන්ධයෙන් ගෙන යන මේ වැරදි ප්‍රචාරය හේතුවෙන් මෙවැනි නිවේදනයක් නිකුත්කරන බව ද පෞද්ගලික ලේකම් හිමියෝ කියති.

Related articles

spot_img
error: Content is protected !!