24.2 C
Galle

ගාල්ලේ මාධ්‍යවේදීන්ට හෙට කොරෝනා එන්නත්

Published:

ගාල්ල දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් සඳහා හෙට (02) කොරෝනා එන්නත ලබාදීමට කටයුතු යොදා තිබේ.

දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ විසින් මෙම ‍එන්නත්කරණ වැඩසටහන මාධ්‍යවේදීන් සඳහා හෙට දිනයේ සංවිධානය කර තිබේ. ඒ අනුව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී දහවල් 12.00 මාධ්‍යවේදීන් සඳහා එන්නත් ලබාදීම ආරම්භ වේ. ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචිව සිටින මාධ්‍ය වෘත්තිකයන්ට පුද්ගලිකව දැනුම්දීමක් නොලැබුණ ද නියමිත වේලාව උණවටුන පිහිටි දිස්ත්‍රික් සෞඛය අධ්‍යක්ෂ කාර්යාලයට පැමිණ එන්නත ලබාගන්නා මෙන් දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.

Related articles

Recent articles

error: Content is protected !!