29.4 C
Galle

“ජුනි 07 සංචරණ සීමා ඉවත්කරනවා දැයි තවම තීරණයක් නෑ” – අජිත් රෝහණ

Published:

රටපුරා ම ක්‍රියාත්මක වන සංචරණ සීමා ලබන 07 වැනි දා සිට ලිහිල් කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ මෙතෙක් ස්ථිර තීරණයක් ගෙන නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉදිරියේ දී පැවැත්වෙන කොරෝනා මර්ධන සාකච්ඡාවල දී ඉදිරිපත්වන විශේෂඥ වෛද්‍යවරුන්ගේ අදහස අනුව මේ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවයි.

සාචරණ සීමා මැයි 31 හා ජුනි 04 ලිහිල් කිරීමට කලින් තීරණය කළ ද පසුගිය 28 වැනි දා පැවැති කොවිඩ් 19 වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමේ දී එම සීමා අඛණ්ඩව ජුනි 07 දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරිණි.

Related articles

spot_img
error: Content is protected !!