30.5 C
Galle

අන්තරේ පා ගමනට අධිකරණයෙන් වාරණයක්

Published:

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ආරම්භ කළ පා ගමන කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයේ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත්  අධිකරණයෙන් නියෝගයක් දී තිබේ.

ඒ අනුව චෛත්‍ය පාර, ජනාධිපති මාවත, සෙරමික් හන්දියේ සිට යෝර්ක් වීදිය දක්වා බැංකු මාවත, පහළ චැතැම් වීදිය, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය අසළ හන්දියේ සිට ප්‍රධානන මාවත හා ලේඩියන් බැස්ටියන් මාවත දක්වා, මුදලිගේ මාවත, රෝහල් වීදිය යන මාර්ගවලට එම පාගමන අද (19) දිනයේ ඇතුළු නොවිය යුතුයැයි එම නියෝගයේ සඳහන් වෙයි.

මීට අමතරව කොළඹ පොලිස් වසමේ රාජ්‍ය ආයතන, නිල නිවාස හෝ ‍වෙනත් කිසිදු පොදු දේපළකට හානි කිරීම ආදී කිසිදු නීති විරෝධී ක්‍රියාවක් නොකළ යුතු බව ද නියෝග කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!