අද (06)කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ සමස්ථ කොටස් මිල දර්ශකය ඒකක 109කින් ඉහල ගිය අතර දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 2886ක් ලෙස වාර්තා වී ඇත. දිනය අවසානයේ සමස්ථ කොටස් මිල දර්ශකය ඒකක 21239ක් බවට පත්වූ අතර මේ අනුව නොකඩවා දින කිහිපයක් තිස්සේ කොළඹ කොටස් වෙළඳපල කොටස් මිල ඉහල යෑමේ ප්රවණතාවක් පෙන්නුම්කර ඇත.
අද කොටස් වෙළඳපල ගනුදෙනු 27,531ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2886ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 109ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,239ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- සියරා කේබල්ස් සමාගම මිලියන 305
- හැටන් නැෂනල් බැංකුව මිලියන 282
- කොමර්ෂල් බැංකුව මිලියන 196
වැඩිම කොටස් ප්රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- මුලර්ස් සමාගම කොටස් මිලියන 10
- එස් එම් බී ලීසින් සමාගම කොටස් මිලියන 8.9
- සියරා කේබල්ස් සමාගම කොටස් මිලියන 8.2
වැඩිම ප්රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- සිංගර් ෆිනෑන්ස් ආර් සමාගම 46%
- ක්රිස් වර්ල්ඩ් සමාගම 19%
- මුලර්ස් සමාගම 11%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 433
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 345
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 334
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 13 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 198ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 184ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත්කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් කොටස් මිලදී ගත් සමාගම්
- බ්රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 02
- ජේ එෆ් පැකේජින් සමාගම රුපියල් මිලියන 01
- ක්රිස් වර්ල්ඩ් සමාගම රුපියල් මිලියන 01
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- පික්මී සමාගම රුපියල් මිලියන 134
- කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 14
- නේෂන්ස් ට්රස්ට් බැංකුව රුපියල් මිලියන 09
විශ්ලේෂණය – නීතිඥ රජීන්ද්ර නාරංගොඩ



