අද (05)කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ සමස්ථ පිරිවැටුම රුපියල් මිලියන 5432ක් ලෙස වාර්තා කරමින් සමස්ථ කොටස් මිල දර්ශකය ඒකක 589කින් ඉහල ගිය අතර සමස්ථ කොටස් මිල දර්ශකය 21130ක් ලෙස දිනයේ ගනුදෙනු අවසානයේ වාර්තා විය. මෙය මෑත කාලීනව කොටස් මිල දර්ශකයේ සිදුවූ විශාලම වැඩිවීමකි.
අද කොටස් වෙළඳපල ගනුදෙනු 36,859ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5432ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 589ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,130ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම මිලියන 349
- හැටන් නැෂනල් බැංකුව මිලියන 282
- පීපල්ස් ලීසින් සමාගම මිලියන 267
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- කාර්ගිල්ස් බැංකුව කොටස් මිලියන 30
- පීපල්ස් ලීසින් සමාගම කොටස් මිලියන 14
- ඇක්මී සමාගම කොටස් මිලියන 14
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- සිංගර් ෆිනෑන්ස් ආර් සමාගම 50%
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම 20%
- සොෆ්ට් ලොජික් ෆයිනෑන්ස් සමාගම 18%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 429
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 339
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 334
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 16 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 244ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 228ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත්කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් කොටස් මිලදී ගත් සමාගම්
- ඩිස්ටලරීස් සමාගම රුපියල් මිලියන 05
- ටෙස් ඇග්‍රො සමාගම රුපියල් මිලියන 03
- අම්බන් කැපිටල් සමාගම රුපියල් මිලියන 03
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- පික්මී සමාගම රුපියල් මිලියන 89
- ඩී එෆ් සී සී බැංකුව රුපියල් මිලියන 32
- කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 26
විශ්ලේෂණය – නීතිඥ රජීන්ද්‍ර නාරංගොඩ



