අද (04)කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ සමස්ථ කොටස් මිල දර්ශකය ඒකක 421කින් ඉහල ගිය අතර සමස්ථ පිරිවැටුම රුපියල් මිලියන 3865ක් ලෙස වාර්තා විය. මෙය මෑත කාලීනව වැඩිම අගයකින් සමස්ථ කොටස් මිල දර්ශකය ඉහල යෑමේ ප්රවණතාවයකි.
අද කොටස් වෙළඳපල ගනුදෙනු 25,419ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3865ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 421ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 20,541ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- හැටන් නැෂනල් බැංකුව මිලියන 754
- සිංගර් ශ්රී ලංකා සමාගම මිලියන 428
- ලංකා අයි ඕ සී සමාගම මිලියන 234
වැඩිම කොටස් ප්රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ඇක්මී සමාගම කොටස් මිලියන 08
- සිංගර් ශ්රී ලංකා සමාගම කොටස් මිලියන 06
- පීපල්ස් ලීසින් කොටස් මිලියන 05
වැඩිම ප්රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- සිංගර් ෆිනෑන්ස් ආර් සමාගම 42%
- සොෆ්ට් ලොජික් සමාගම 20%
- සොෆ්ට් ලොජික් ෆයිනෑන්ස් සමාගම 19%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 414
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 335
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 321
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 22 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 157ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 136ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත්කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් කොටස් මිලදී ගත් සමාගම්
- අම්බන් කැපිටල් සමාගම රුපියල් මිලියන 04
- මුලර්ස් සමාගම රුපියල් මිලියන 04
- කැපිටල් එලයන්ස් සමාගම රුපියල් මිලියන 01
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- පික්මී සමාගම රුපියල් මිලියන 23
- මෙල්ස්ටා ක්රොප් සමාගම රුපියල් මිලියන 20
- ජනශක්ති සමාගම රුපියල් මිලියන 17
විශ්ලේෂණය – නීතිඥ රජීන්ද්ර නාරංගොඩ



